අලුත් දේවල්
Saturday, July 30, 2016
Saturday, July 23, 2016
Friday, July 15, 2016
ග්‍රීන් තේ බෑගයක් ඔබේ තොල් දෙක මත තබා ගන්න - සිදු වන දේ ඇසුවොත් ඔබ අදම මෙය උත්සාහ කර බලාවි
ඔබටත් තොල් වේලෙන, පොතු ගැලවෙන ප්රශ්නය තියෙනවා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සීතල පැති වල හෝ නිතරම ඒසී කරපු කාමර වල ඉන්න අයට මේ තත්වයට වැඩිපුර මුහුණ දෙන්න වෙනවා. ඒත් ඔබට පුළුවන් ග්‍රීන් ටී බෑග් එකක් පාවිච්චි කරලා මේ කරදරයට විසඳුමක් ලබා ගන්න.
තොල් හම යන්න හේතු වෙන කාරණා බොහොමයි. කාලගුණය, විජලනය වීම, මද්‍යසාර භාවිතය, නිතර තොල් ලෙව කෑම සහ අවට පරිසරයේ ආර්ද්‍රතාව අඩු වීම මෙයින් ප්‍රධානයි. අපේ සම ස්වභාවිකව පවතින තෙල් මගින් නිතර වියලී යාමෙන් වලක්වලා තියා ගත්තාට තොල් වල මේ විදිහට තෙල් ශ්‍රාවය කරන්න පුළුවන් ග්‍රන්ථි පිහිටලා නෑ. මේකේ අදහස ඔබ තොල් රැුක ගන්නට අවශ්‍යයි කියන එක. තොල් පැලූනාම කෑම කන්න අපහසුයි වගේම එය ආසාදන වලට පවා හේතු වෙන්න ඉඩ තියෙනවා. තොල් වියලීම නිසා නිතර ඇති වන ආසාදන විදිහට උෂ්ණ බිබිලි හට ගැනීම (කටේ තුවාල) ලේ ගලන එක සහ කට ගඳ ගැසීම වගේ ප්‍රශ්න ඇති වෙනවා.
ග්‍රීන් ටී බෑග් කියන්නේ මේකට තියන කදිම ස්වභාවික විසඳුමක්. සාමාන්‍ය විදිහටම තේ එක හදා ගත්තාට පස්සේ (විනාඩි 4-5ක් උණු වතුරේ පො වලා අරගත්තට පස්සේ) තොල් මත ආලේප කරන්නයි තියෙන්නේ. තොල් වියළුණාම ඇති වෙන කසන ගතිය වගේ එක නැති කරලා තෙතමනය ගෙන දෙන්න ග්‍රීන් ටී වල තියෙන පෝෂණ සංගටක වලට පුළුවන්. මෙය හැමදාකම වගේ කරන්න අවශ්‍යයි. ඒ වගේම නිතරම හොඳින් වතුර බොන එකත් තොල් වියලෙන්නේ නැතිව තියා ගන්න වැදගත් වෙනවා. මේ නිසා පුළුවන් තරම් ලොකු බෝතලයක් පුරවලා ඔෆිස් එකට ගෙනියලා හරි වතුර වැඩිපුර බොන්න උත්සාහ කරන්න.
ඔබ AC කරපු කාමරයක දවස පුරා ඉන්න කෙනෙක් නම් විශේෂයෙන්ම මේ උපදෙස පිළිපදින්න. ඇග ඇතුලේ තියන අපි නොහිතන තරම් විශාල වතුර ප්‍රමාණයක් ඒසී එකෙන් උරා ගන්නවා. ඒ වගේම දිනපතා ග්‍රීන් ටී පානය කරන ඒකත් සෞඛ්‍යයට ඉතා හිතකර බව ඔබ දැනටමත් දන්නවා ඇති. නිතරම මානසික ඒකාග්‍රතාවය හොඳින් පවත්වා ගන්නත් එය උදව් වෙනවා. නමුත් එය කෝපි වගේ ඔබට නිදා ගන්න අපහසු කරන්නේ නැහැ. ඒ වගේම නිතර නොකළ යුතු වුණත් ග්‍රීන් ටී වලට සීනි දාල පානය කරාම දවස පුරාම ශක්තියත් මානසික ක්‍රියාකාරීත්වයට හොඳ තල්ලූවකුත් ලබා ගන්න පුළුවන්.
ඒ වගේම මතක ශක්තිය දියුණු කිරීමේ හැකියාව සහ අවධානය පවත්වා ගැනීමට හැකියාවත් ග්‍රීන් ටී වලින් වැඩි දියුණු වෙනවා. කම්මැලියි, මහන්සියි වගේ දැනෙන වෙලාවට ග්‍රීන් ටී කෝප්පයක් බීලා ඇති වෙන වෙනස ඔබම අත්හදා බලන්න.
ඔබේ ශරීර අලංකාරය රැුක ගන්නත් ග්‍රීන් ටී හේතු වෙනවා. ඇස් යට ඉදිමුණු පෙනුමක් තියනවා නම් එය අඩු කර ගන්නත් එතැන ග්‍රීන් ටී බෑග් එකක් තියාගෙන ඉඳීමෙන් පුළුවන්. ඒ වගේම එමගින් කුරුලෑ හා ඇක්නි හොඳ කර ගන්නත් පුළුවන්. මේ නිසා ග්‍රීන් ටී කියන්නේ ඔබේ මුළු මුහුණටම ඉතා පලදායී සංයෝගයක් කියලා කියන්න පුළුවන්. ස්වභාවික ශාකසාර සංයෝගයක් නිසා අතුරු ආබාධ ඇති වෙනඑක ගැන කිසිම බියකින් තොරව රූපලාවන්‍ය සඳහා ග්‍රීන් ටී පාවිච්චි කරන්න පුළුවන්.
මීට අමතරව හමේ ඇති වන ඇතැම් ගැටළු වලට සත්කාර කරන්නත් ග්‍රීන් ටී යොදා ගන්න අවස්ථාව තියෙනවා. අළු හම අඩු කර ගන්නත්, වේලීම නිසා කොරල ඇති වූ තැන් වල කොරල ඉවත් කරන්නත් ඒ තැන් වල ග්‍රීන් ටී බෑග් තියල පුළුවන්. බීල විසි කරන තේ බෑග් එකෙන් හඳුනා පුළුවන් ප්‍රයෝජන පේනවා නේද?
මේ වගේ හිතන්න බැරි තරම් සරල ක්‍රම වලින් ඔබේ ගැටළු විසඳ ගන්නත්, ලස්සන වෙන්නත් අවශ්‍ය උපදෙස් පිරුණු ලිපි මේ සයිට් එක පුරාම තියෙනවා. ඔබට පුළුවන් ඒ හැම එකක්ම කියවලා දැනුම දියුණු කර ගන්න. ඒ වගේම මේ ලිපි Share කරලා යාළුවොන්ටත් දැනුම බෙදා හරින්න අමතක කරන්න එපා. තවත් ප්‍රයෝජනවත් ලිපියකින් ඉක්මනින් හමු වෙමු.
හිස කෙස් කළු කරගැනීමට සහ හිසකෙස් වර්ධනය කර ගැනීමට අති ප්‍රබල විශ්මිත පිළියම මෙන්න
මෙම ස්වභාවික ලූනු යුෂ සුදු හිසකෙස් යලි කළු කරගැනීමට වගේම හිසකෙස් වර්ධනයටද හේතුවේ. මෙහි සාර්ථක ප්‍රතිපල ලබා ගැනීමට මාස 2ක් පමණ බවිත කල යුතුයි. මෙම ප්රතිකර්මය ඔබ ෆාමසි වලින් ලොකූ මුදලක් වය කර ලබාගන්නා ආලේපන වලට වඩා අතිශය සාර්ථක බව ඔබටම වැටහේවි.
ආලේපනය සාදා ගන්නා ක්‍රමය පැහැදිළි කිරීමට පෙර මෙයත් දැනගන්න.ලූණු වල සල්ෆර් අඩංගු වන බැවින් එය හිසකෙස් වල වර්ධනට විශාල ලෙස බලපායි. ලූණු යුෂ මගින් හිසකෙස් නිරෝගී කිරීම,හිසකෙස් ගැලවීයාම වැලක්වීම මෙන්ම මනා ලේ ගමනාගමනයක් පවත්වාගනිමද සිදු කරයි. මෙම ලූණු යුෂ වෙනත් කිසිම ප්‍රතිකාරයක් සමග ප්‍රතික්‍රියා නොදක්වන බැවින් කිසිදු බියකින් තොරව බාවිතා කල හැකි වීම විශේෂත්වයකි.
අවශ්‍ය ද්‍රව්‍ය
ලූණු ගෙඩි 1ක්
මී පැණි මේස හැඳි 1ක්
ලූණු ගෙඩි 1ක්
මී පැණි මේස හැඳි 1ක්
ලූණු ගෙඩිය බ්ලෙන්ඩර් කර එහි යුෂ කෝප්ප 1/4ක් පමණ ගන්න.මීළගට මී පැණි මේස හැඳි 1ක් මෙයට එක කර හොඳින් මිශ්‍ර කර ගන්න.එය සම්පුර්ණයෙන්ම හෝ සුදු පැහැ වූ හිසකෙස් මත පමණක් උවද ආලේප කල හැකියි. මෙය හිස මත හොඳින් ආලේප කර කේශ මුලයන් වල පවා තැවරෙන පරිදි හොඳින් සම්බාහනය කරන්න.මෙම ප්‍රතිකාරය සතියට වරක් මාස 2ක් යනතුරු සිදු කිරීමෙන් යහපත් ප්‍රතිපල අත් කරගත හැකියි. තවද මෙම ප්‍රතිකාරය හිස්හොරි සඳහාද ඉතාමත් හොද ප්‍රතිකර්මයකි.
Subscribe to:
Posts (Atom)


